අන්තර්ගතයට යන්න

අපව යේසුස් වහන්සේ වෙතට යොමු කරන, ඒකාබද්ධ කතා මාලාවක් ලෙස බයිබලය අත්දැකීමට සලස්වා දීම අපගේ මෙහෙවරයි.

වීඩියෝ

බයිබලයේ ප්‍රධාන තේමාවන් සහ පොත් පරීක්ෂා කරන අපගේ සජීවිකරණ වීඩියෝ ගවේෂණය කරන්න. අපගේ වීඩියෝවලින් සම්පත් නරඹන්න, බාගන්න හෝ සුරකින්න.

බයිබල් ප්‍රොජෙක්ට් ව්‍යාපෘතිය ගැන විස්තර

BibleProject කණ්ඩායමේ ඡායාරූප එකතුවක්: කාර්ය මණ්ඩල රැස්වීමක්, චිත්‍ර අඳින කලාකරුවෙක්, වීඩියෝ නිෂ්පාදන අංගනයක්, සහ ආරම්භකයින් වන ටිම් මැකී සහ ජෝන් කොලින්ස්.

බයිබල් ප්‍රොජෙක්ට් (BibleProject) යනු අමෙරිකා එක්සත් ජනපදය පදනම් කරගත් ලාභ නොලබන, සමූහ අරමුදල් සපයන සංවිධානයකි. යේසුස් වහන්සේ වෙතට මඟ පෙන්වන ඒකාබද්ධ කතාවක් ලෙස බයිබලය අත්විඳීමට මිනිසුන්ට උපකාර කිරීම සඳහා අපි සම්පත් නිර්මාණය කරමු. අපගේ ඉලක්කය වන්නේ බයිබලය ගැන වැඩි විස්තර දැන ගැනීමට උනන්දුවක් දක්වන අයට සංකීර්ණ බයිබලානුකුල අදහස් පැහැදිලි සහ ප්‍රවේශ විය හැකි විදිහට ඉදිරිපත් කිරීමයි. විශ්ව කිතුනු සභාව මනසේ තබාගෙන අපි සියල්ල නිර්මාණය කරන අතර, අපගේ විද්වතුන් විවිධ කිතුනු සම්ප්‍රදායන්ගෙන් පැමිණියද, හැකි තරම් පිරිසක් බයිබලයේ ඒකාබද්ධ කතාව අත්විඳිනු දැකීමට ඔවුහු කැපවීමෙන් එක්සත්ව සිටිති.

අපගේ කතාව ආරම්භ වූයේ 2014 දී දිගුකාලීන මිතුරන් වන ආචාර්ය ටිම් මැකී සහ ජෝන් කොලින්ස් බයිබලානුකුල ශිෂ්‍යත්වය සහ දෘශ්‍ය කතන්දර කීම ඒකාබද්ධ කර මිනිසුන්ට බයිබලය තේරුම් ගැනීමට උපකාර කිරීම සඳහා ඉංග්‍රීසියෙන් නොමිලේ වීඩියෝ නිර්මාණය කිරීමත් සමඟය. එතැන් සිට, බයිබල් ප්‍රොජෙක්ට් (BibleProject) පුද්ගලයින් 140 කට අධික සංඛ්‍යාවකින් යුත් සංවිධානයක් දක්වා වර්ධනය වී ඇති අතර, ලොව පුරා ස්වදේශීය කථිකයන් සහ කණ්ඩායම්වල සහාය ඇතිව, භාෂා සහ උපභාෂා 50 කට වැඩි වීඩියෝ දහස් ගණනක් නිකුත් කර ඇත. ශුද්ධ ලියවිල්ලට අපගේ ප්‍රවේශය ගැන ඔබට මෙතැනින් වැඩි විස්තර දැනගත හැකිය.

ඔබ වැනි ත්‍යාගශීලී ආධාරකරුවන්ගේ ප්‍රජාවක් නිසා අපි සාදන සෑම දෙයක්ම සැමට නොමිලේ ලබා ගත හැකිය.

බයිබල් ප්‍රොජෙක්ට් ව්‍යාපෘතියට සම්බන්ධ වන්න

ඔබ වැනි ත්‍යාගශීලී ආධාරකරුවන්ගේ ප්‍රජාවක් නිසා අපි සාදන සෑම දෙයක්ම සැමට නොමිලේ ලබා ගත හැකිය.